What's happening?

Video Sources 79 Views Report Error

  • Watch trailer
Rings (2017) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Rings (2017) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

First you watch it. Then you die.Feb. 01, 2017USA102 Min.PG-13
Your rating: 0
10 1 vote

Synopsis

Rings Sinhala Sub
Rings Sinhala Subtitles
Rings 2017 Sinhala Sub
Rings 2017 Sinhala Subtitles
Rings (2017) Sinhala Subtitle

එහෙනම් ඔන්න මං හරිම ආසාවෙන් එනකල් බලන් හිටපු Drama වගේම Thriller ගණයට වැටෙන කතාවක් ඔයාලට මගේ විසිවන උපසිරැසි විදිහට අරං එනවා. හැබැයි මේක ගොඩ දෙනෙක්ට පේන්නේ හොල්මන් කතාවක් වගෙයි. මේක පරිවර්තනය කරන්න පටන් ගත්තේ අද උදේ. ඉතිං පැය 12ක් විතර ගියා ඉවර කරන්න. දැන් නම් ඇත්තටම මහන්සියි. ඒත් ඉතිං වැඩේ ඉවර උන නිසා ගොඩක් සතුටුයි. Rings (2017) කියන්නේ The Ring (2002) සහ The Ring Two (2005) කියන චිත්‍රපට දෙකේ තුන්වන දිගහැරුමයි. මං හිතනවා ඔයාල කලින් ආපු චිත්‍රපට දෙක බලන්න ඇති කියලා. එහෙම බලලා නැත්නම් ගොඩක් හොඳයි ඒ දෙකත් බලලම මේක බලනවා නම්.. පළවෙනි කොටස් දෙක ගැන කියනකොට මට මතක් වෙන්නේ මගේ ඉස්කෝලේ (කොළඹ නාලන්දාව) යාළුවෙක්. මිනිහා මට ඉස්සර ඔය කතා දෙකේ DVD දුන්නා ගෙදර ගිහින් බලලා ගෙනත් දෙන්න කියලා. ඉතිං මාත් ආසාවෙන් බලපු කතා දෙකක් තමයි ඒ. දැන් මං ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 10ක් වෙනවා. ඒ කාලේ DVD බෑග් එකේ දාගෙන එන්නේ හොරෙන් පොත් අස්සේ හංගලා..

හරි.. කතාවේ ඉතිහාසය ගැන කෙටියෙන් කියන්නම්. මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ සමාරා (Bonnie Morgan) කියලා ගෑණු ළමයෙක්. මේ ගෑණු ළමයාව බෑග් එකකින් මූණ වහලා හුස්ම හිර කරලා පාළු ළිඳකට අත ඇරලා මරණවා. ඒත් එයා ළිඳ ඇතුලේ මැරෙන්නේ දවස් හතක් ජීවත් වෙලයි.මේ සිද්ධිය වගේම තව අමුතු සිදුවීම් තියන ඩෙක් පීස් එකක් (අද කාලේ අය නම් දැකලත් නැතුව ඇති) මිනිසුන් අතරට යනවා. ඒක බලන අයට කෝල් එකක් එනවා මැරුණු සමාරාගෙන්. ඉතිං ඒ කෝල් එක ඉස්සුවාම සමාරාගේ ආත්මය “දවස් හතයි” කියලා කියනවා. ඒ මොහොතේ ඉඳලා හරියටම දවස් හතකින් අර වීඩියෝ එක බලපු කෙනා සමාරා අතින් මැරෙනවා. සමාරා ඒ අයව මරන්න එළියට එන්නේ අර පාළු ළිඳ ඇතුලේ ඉඳලයි. මරණයෙන් බේරෙන්න ඕන නම් ඒ වීඩියෝ එකේ කොපියක් දවස් 7 ඉවර වෙන්න කලින් වෙන කාට හරි පෙන්නන්න ඕන. ඉතිං මේ අලුත්ම කතාවෙන් සමාරාගේ මරණය ගැන හෝල්ට් (Alex Roe) සහ එයා යාලු වෙලා ඉන්න ජුලියා (Matilda Anna Ingrid Lutz) විස්තර හොයාගෙන යන හැටි කියවෙනවා. ඒ වෙනුවෙන් එයාලට ගේබ්‍රියල් (Johnny Galecki) කියලා කෙනෙකුත් උදව් කරනවා. ජුලියා, සමාරාව මේ නපුරු ආත්මයෙන් මුදවා ගන්න දරන උත්සහයක් තමයි කතාව පුරාවට පෙන්නුම් කරන්නේ. එයාට ඒ දේ කරන්න පුළුවන් වෙයි ද කියලා බලන්නකෝ. Paramount Pictures සමාගම නිෂ්පාදනය කරපු මේ කතාව අධ්‍යක්ෂණය කලේ Javier Gutiérrez කියලා කෙනෙක්. කතාවේ IMDb අගය 4.5ක් වෙනවා. ඒත් මං විශ්වාස කරනවා මේ අගයට වඩා වැඩි රසවින්දනයක්ඔ යාලට මේ කතාවෙන් ලැබෙයි කියලා.

එහෙනම් මේ කතාවත් එක්ක අප්‍රේල් මාසයේ මං උපසිරැසි 3ක් ඔයාලට අරං ආවා. ඊළඟට දෙන්න ඉන්නේ Personal Shopper (2016) කතාවයි. ඒකත් අරං සතියකින් විතර ආපහු එන්නම්..

(බයිස්කෝප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “චාමිකර විදානගේ (චාමි)”

Rings (2017) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Rings (2017) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Rings (2017) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Rings (2017) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Rings (2017) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Rings (2017) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Rings (2017) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Rings (2017) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Rings (2017) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Rings (2017) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title Rings
IMDb Rating 4.5 43,894 votes
TMDb Rating 4.984 2,469 votes

Director

David Waters
Director

Cast

Similar titles

The Jester (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Cabin Fever (2003) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bhool Bhulaiyaa 3 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
A Quiet Place: Day One (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Demonte Colony 2 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jurnal Risa by Risa Saraswati (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Geethanjali Malli Vachindi (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
I Saw the TV Glow (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Wolf Man (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Schlitter: Evil in the Woods (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Aghathiyaa (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Black Christmas (2006) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published