The Haunted Palace 2025 TV Series 1×1 Sinhala Subtitles
The Haunted Palace 1×1 Sinhala Sub
The Haunted Palace 1×1 Sinhala Subtitles
The Haunted Palace 2025 1×1 Sinhala Sub
මේ ප්‍රබන්ධ කතාව ගෙතෙන්නේ ගැඹුරු පොකුණක වසර දහස් ගණනක තපසක් සම්පූර්ණ කරලා ස්වර්ගයට යන්න ආසන්නව සිටි මකරෙක් වටායි. ඒ මකරා තපස සම්පූර්ණ කරලා ස්වර්ගයට යනකොට ඒ ගමන පොළොවෙ ඉන්න මිනිස් දුවක් දකිනවා. මේ හේතුව නිසා ඒ මකරට ස්වර්ගයට යන්න බැරිව ඉමෝගි කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ ඉමෝගියට ඒ මිනිස්සු “ගංචෝරි” කියලා තමයි හැඳුන්වුවේ.
යෝ-රි, එහෙමත් නැත්තම් ඒ කතාවේ ප්‍රධාන කාන්තා චරිතය, ගමේ ඉන්න යකැදුරුවරියකගේ මිණිබිරියක්. එයාට යකැදුරුවරියක්ට ලැබෙන දිව්‍යමය තෑග්ගක් ලැබිලා තිබ්බත් එයා ඒ ඉරණම පිළිගන්නෙ නැතුව කණ්ණාඩි ශිල්පිනියක් විදිහට ජීවිතේ ගෙවන්න තීරණය කරනවා. ඉතින් මේ ඉමෝගියට ආයෙත් ස්වර්ගයට යන්න යෝ-රීගේ ශරීරය ඕන වුණත් යෝ-රි ඒකට ඉඩ දෙන්නෙ නැහැ.
යුන්-ගප් එහෙමත් නැත්තම් මේ කතාවේ ප්‍රධාන පිරිමි චරිතය, මාලිගාවේ සේවය කරන කඩවසම් හොඳ නමක් තියෙන තරුණයෙක්. යුන්-ගප් වගේම යෝ-රි පොඩි කාලේ එකම ගමේ ජීවත් වුණත් යුන්-ගප් පොඩි කාලෙම අගනුවරට ගියපු නිසා මේ දෙන්නා පොඩි කාලෙම වෙන් වෙනවා. දවසක් මේ දෙන්නා මෙයාලගේ ගමේදි ආපහු හම්බෙලා යුන්-ගප් යටි අරමුණකින් යෝ-රිව රජතුමාට කණ්ණාඩි යුගලක් හදලා දෙන්න කියලා මාලිගාවට එක්කගෙන යනවා. ඉතින් මෙයාලා මාලිගාවට යන අතරතුරදි යුන්-ගප්ට අනතුරක් වෙලා එයා මැරෙනවා. ඉතින් එයාගේ ශරීරයට මේ ඉමෝගි එහෙමත් නැත්තම් ගංචෝරි ඇතුලු වෙනවා.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “හංසන හෙට්ටිආරච්චි”