The King Eternal Monarch 2020 TV Series 1×14 Sinhala Subtitles
The King Eternal Monarch 1×14 Sinhala Sub
The King Eternal Monarch 1×14 Sinhala Subtitles
The King Eternal Monarch 2020 1×14 Sinhala Sub
14 වැනි කොටස
මේ කොටස ටිකක් සංකීර්ණ එකක් කිව්වොත් නිවැරදියි. මෙතක් කාලයක් අපිට තිබුන ගැටළු වලට ගොඩක් පිළිතුරු මේ කොටසින් අපිට ලැබෙනවා. දැන් කෝ අගමැතිනියගේ ද්විත්වකාය මියගිහින්. ටේ-වුල්ට ඇයගේ මළසිරුර යන්ග්සුන් සාත්තු මධ්‍යස්ථානයේ තිබී හමුවෙනවා. ඒ විතරක් නෙමේ, කන්ග් ෂින්-ජේගේ ද්විත්වකාය එනම් කොරියාවේ උපතලද කෙනාත් ඒ සාත්තු මධ්‍යස්ථානයේම රෝගාතුර වී සිටිනවා. ඔහුත් ෂින්-ජේට හමුවෙනවා. කතාවේ ඉන්න පොඩි පිරිමි ළමයා නැවතත් මේ කොටසේදී මතු වෙනවා, ඔහු ලී ජි-හුගේ අම්මට විස්තර කරනවා, බටනලාවේ කතාව.
ඔහු කියනවා බටනලාවේ කොටස් දෙක, දොරටුව තුලදී එකතු වුනාම, එය දරා සිටින්නාට තමන්වම බේරගන්න පතන මොහොතට ගෙනයනවා, කියල. කාලයේ ආපස්සට. රජුට ඕනේ ලෝක දෙකම බේරගන්න, ඒත් ද්‍රෝහියාට ඕනේ, එදා ඔහු ඇතිකළ කැරැල්ල සාර්ථක එකක් කරගන්න. ඉතින් මේ පොඩි පිරිමි ළමයා කියනවා ඔහුටත් සම්පුර්ණ එකක් වෙන්න ඕනේ කියල, සමහරවිට බටනලාවේ මිනිස් වේශය ඔහු වෙන්නත් පුළුවන්. එය මගේ අනුමානයක් පමණයි. ඔයාල තේරුම් ගනියි කියල හිතනවා.
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ගයේෂා සත්සරණි”