![Love Your Enemy (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/12/wCy1FYgjAXHHs1H1yKFmFib5XW-185x278.jpg)
The Legend of the Blue Sea 2016 TV Series Sinhala Subtitles
The Legend of the Blue Sea Sinhala Sub
The Legend of the Blue Sea Sinhala Subtitles
The Legend of the Blue Sea 2016 Sinhala Sub
The Legend of the Blue Sea 2016 Sinhala Subtitles
The Legend of the Blue Sea (2016) Sinhala Subtitle
මෙම කතාව අයත් වන්නේ Fantasy,Romance හා Comedy ගණයටයි.. මෙම කතාවට පාදක කරගෙන ඇත්තේ, කොරියාවේ ලියවුනු ඓතිහාසික කතාවක්. කතාව ඇරඹේන්නේ 1586 වර්ෂයේ ජෝසන් රජ සමයෙන්., දිනක් ඉතා කුරිරු කුණාටුවකින්, දියකිඳුරියක් ගොඩබිමට ගසාගෙන එනවා. ආපසු යෑමට නොහැකිව, ඇය ගල් ගුහාවක් තුල සිරවී සිටියදී, ඇයව අල්ල ගන්නා ගම් වැසියන් ඇයව ගමෙහි ඉහල නිලධාරියෙකු හට භාර කරනවා. මේ අතරවාරයේ තමයි අලුතෙන් පත් වූ නගරාධිපති මේ ගමේ සංචාරයකට පැමිණෙන්නේ, ඔහු තමයි Dam Ryung(Lee Min-ho). මේ දියකිඳුරිය (Jun Ji-hyun)දකින ඔහුට ඇය පිළිබඳව කණගාටුවක් ඇති වෙනවා, පසුව ඔහු විසින් දියකිඳුරිය නිදහස් කොට නැවතත් මුහුදට මුදා හරිනවා, ඒ අතීත කතාවයි,ඉන්පසු කතාව වර්තමානයට රැගෙන එනවා. එත් වර්තමාන කතාවේ නම් ඔහු හොඳ කෙනෙක් නෙමේ, ඔහු තමයි. Joon-Jae,(Lee Min-ho)හරිම කපටියෙක්, මිනිස්සුන්ව මුලා කරලා සල්ලි කඩාගන්න ඒක තමයි මෙයාගේ රැකියාව. ඒවගේම තමයි, ඔහුට පුදුමාකාර මායා හැකියාවකුත් තියෙනවා. දවසක් මොහු නිවාඩුවකට වෙරළාසන්න නිවාඩු නිකේතනයකට යනවා, මෙහිදී ,දියකිඳුරියක් ආපසු වතාවක් ගොඩබිමට ගසාගෙන එනවා. හරියටම Joon-Jae ඉන්න වෙරළාසන්නයටයි. මේ වතාවේදී ගොඩබිමට පැමිණෙන ඇයගේ, වරල් සාමාන්‍ය මිනිසෙකුගේ කකුල් බවට පාත් වෙනවා. ඇය කෙලින්ම යන්නේ Joon-Jae ඉන්න කාමරේටයි. මෙතැනදී ඔවුන් මුණගැසෙනවා.එත් ඇයට කතා කරන්න බැහැ, Joon-Jae හිතන්නේ මෙයා හොරකමේ ආවා කියල, ඒක නිසා ඇයව පොලිසියට භාර කරනවා, එහෙත් එයිට පෙර Joon-Jae විසින්, ඇයගේ පින්තූර කිහිපයක් ගන්නවා.
ඒ එක පින්තුරයක ඇය පැළඳ සිටින වළල්ලක් හදිසියේම ඔහුගේ නෙත ගැටෙනවා. ඉන්පසු ඔහු දැනගන්නවා එය ඉතා වටිනා වළල්ලක් බව. දැන් මොහුට කෙලින්ම ඔලුවට එන්නේ ඒක විකුණලා සල්ලි හොයාගන්න ඕනේ කියන කාරණාව, ඒ නිසා ඔහු නැවතත් පොලිසියට ගොස් ඇයව රැගෙන එනවා. ඔය විදිහට තමයි කතාව ආරම්භ වෙන්නේ, ඊට පස්සේ සිදු වෙන දේවල් බලන්න ඔයාලට කතාව බලන්න ආරාධනා කරනවා.
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)